mediahumanrights.lk
BusinessBusiness NewsNews

තේ, කුරුදු මිල නැට්ටටම බහී…

වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති.

මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් කියති.

දැනට මාස කිහිපයකට පෙර රුපියල් 300ට ඉහළ මිලකට පැවැති තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 150 සීමාවට පහළ බැස ඇති බව කුඩා තේ වතු හිමියෝ පවසති.

කලින් රුපියල් 5000ට ආසන්න මිලකට පැවති කුරුදු කිලෝවක් මේ වන විට රුපියල් 2000 දක්වා පහළ බැස ඇති බව ද කුරුඳු වැවිලිකරුවන් කියා සිටිති.

ජාත්‍යන්තර වෙළද පොළේ ඉල්ලුම අඩු වීම, ඩොලරයේ අගය පහළ බැසීම මීට හේතු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

Related posts

මග තොටේදී කාන්තාවන්ට වන ලිංගික හිංසන වැලැක්වීමට අලුත් වැඩක්

Shiran Viraj

පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

Shiran Viraj

පැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමති

Shiran Viraj
Translate »