mediahumanrights.lk
Local NewsNews

හොද වැඩ කරන අයට රජයෙන් තෑගි..

පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම අද (31) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, අල්ලස් නොගෙන රාජකාරිය අකුරටම ඉටු කරන මෙවැනි පොලිස් නිළධාරීන් ශ්‍රී ලංකා පොලිසියට ආදර්ශයක් බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිවිල් පුරවැසියන් දෙදෙනාට ත්‍යාග මුදල් සහා ප්‍රශංසා පිරිනැමීය.තවද අපරාධ මැඩලීමට මහජනතාවගේ සහායෝගය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව අඛණ්ඩව බලාපොරොත්තු වන බවද පැවසීය.

මහමග යතුරු පැදිවලින් පැමිණ වෙඩිතැබීම් සිද්ධීන් පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ටිරාන් අලස් මහතා,පසුගිය කාලයේ විශේෂයෙන් දකුණු පළාතේ දිනපතා මෙවැනි සිද්ධීන් වාර්තා වූ බවත් ගනු ලැබූ යම් ක්‍රියාමාර්ග නිසා අපරාධවල අඩුවක් වී ඇති බවත් මෙවැනි අපරාධ මැඩපැවැත්වීමට තවදුරටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් වැඩි විස්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය.

ඇගයීමට ලක් වූ පොලිස් නිළධාරීන් දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් දෙදෙනා පිළිබඳ තොරතුරු පහත සඳහන් වේ.

2023.07.17 වන දින දොරටියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට සත්ව හිංසාව ඇති වන ආකාරයට ලොරි රථයකින් ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් නිලධාරීන් වෙත ලබා දීමට උත්සාහ කල රු.100,000/= ක අල්ලස් මුදලක් ප්‍රතික්ෂේප කර නිසි පරිදි රාජකාරී ඉටු කිරීම

01. පො.සැ.39301 ඩී.එම්.එස්.කේ. දිසානායක
02. පො.සැ.72248 එල්.ඒ.අයි.ජී.එච්.ලියනආරච්චි

2023.07.23 වන දින දිවුලපිටිය පොලිස් වසමේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවෙකු, මෝටර් රථයකින් පැමිණි සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියේ මග හරස්කර සැකකරු අල්ලා පොලිස් නිලධාරීන් වෙත භාර දීමට කටයුතු ක ිරීම.

01. එච්.ඒ.දිලීප් සමන්කුමාර
02. ආර්.ඒ.සීලර

– Midea Unit

Related posts

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

Shiran Viraj

නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්

Shiran Viraj

කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා ජලාශ එකවර මුදා හැරීමෙන් මහ විනාශයක් – කබීර් හෂීම්ගෙන් රජයට චෝදනා

Shiran Viraj
Translate »