mediahumanrights.lk
Local NewsNews

බස් රථවල බැටරි ගලවන ජාවාරමක්…

බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථවල බැටරි ගැලවිමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

එම මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථ රාත්‍රි කාලයේ බගවන්තලාව නගරයේ ස්ථාන කිහිපයකම  ගාල් කර තබන අතර, එසේ ගාල් කර තිබු බස් රථයක රු ලක්ෂ දෙකක් පමණ වටිනා බැටරි දෙකක් (14) දින රාත්‍රියේ ගලවාගෙන රැගෙන ගොස් ඇත.

ඒ අසලම ගාල් කර තිබු බස් රථ කිහිපයක බැටරි ගලවා රැගෙන යාමට උත්සහ කර ඇතත්, බැටරි සම්බන්ධ කර ඇති වයරයේ ඇණ ගලවා ගැනිමට නොහැකි නිසා එක් බස් රථයක පමණක් බැටරි ගලවා රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසිය.

බස් රථයේ රියදුරා (15) දින උදැසන බස් රථය ධාවනය කිරිම සදහා බස් රථය පණ ගැන්විම උත්සහ කිරිමේදි බස් රථයේ බැටරි දෙක කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇති බවට තහවුරු වි ඇත.

ඉකුත් වසරේද බගවන්තලාව නගරයේ ගාල් කර තිබු පෞද්ගලික බස් රථ හතරක බැටරි කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් තිබුණි.

– රංජිත් රාජපක්ෂ

Related posts

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Shiran Viraj

නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

Shiran Viraj

කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැති

Shiran Viraj
Translate »