28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..

ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, සුළු නගර සභා පනත සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ක්‍රියාත්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දී ඇති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්ත්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ විපක්ශ නායක කාර්යාලයේදි පැවති මාද්‍ය හමුවකදීය.

පවතින ප්‍රාදේශීය සභා පනත , නගර සභා පනත,සුළු නගර සභා පනත සංශෝධනය කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කෙරුවා.මේ පනතෙන් බලාපොරොත්තු වෙන්නේ විසුරුවා හැරපු ප්‍රාදේශීය සභා සක්‍රිය කරලා හිටපු ප්‍රාදේශීය සභා , නගර සභා ,සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත වරක් පත් කරන්නයි.හැබැයි රජය බලාපොරොත්තු වුණේ නැති විදියට මේක අතේ පත්තුවෙලා. නීතිපතිවරයා කියලා තියෙනවා මෙය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.

ඇත්ත වශයෙන්ම රජය මේක ගෙනාවේ රජයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අද විශාල අසහනයක ඉන්නේ , සියලු දෙනාගේම මන්ත්‍රීධූර අහෝසි වෙලා මැතිවරණත් කල් දාලා නිසා .ඒ නිසා රජය පෙන්වන්න හැදුවා විශේෂයෙන්ම ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අපි ඕගොල්ලොන්ව බලාගන්නවා අපි ඕගොල්ලෝ වෙනුවෙන් කැපවෙනවා , පනතක් ගෙනල්ලා ඕගොල්ලෝ නැවත පත් කරනවා කියන එක.ඒ අදහස ඒ අයට දුන්නා .පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ව සම්පූර්ණ රැවටීමක් කරන්න හැදුවේ.මොකද ඉදිරියේදී මැතිවරණ ගණනාවක් එනවා.මැතිවරණ වලට වැඩ ගන්න මේ අය අවශ්‍යයි.තව කතාවක් පතුරවනවා මේ නීතිය ක්‍රියාත්මක උනාම විපක්ෂයේ මන්ත්‍රීවරු කවුරුත් පත් කරන්නේ නෑ ආන්ඩුවේ මන්ත්‍රීවරු විතරයි පත් කරන්න කියලා.ඒ පත්වීම් ලබා ගන්නත් පොරයක් අද.

අපි රජයෙන් පැහැදිලිවම අහනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සතුටු කරන්න ජනමත විචාරණයක් තියෙනවද කියලා.පළාත් පාලන මැතිවරණයට සල්ලි නෑ කියපු රජය ජනමත විචාරණයකට කටයුතු කරගෙන යනවා .පාර්ලිමේන්තු මැතිවරණයක් වේවා,ප්‍රාදේශීය සභා මැතිවරණයක් වේවා,ජනමතවිචාරණයක් වේවා,මේ මොන මැතිවරණයටත් එකම වියදම යන්නේ.බිලියන දහයකට ආසන්න මුදලක් අවශ්‍යයි.අපි රජයෙන් අහනවා මේ වගේ පනත් පාර්ලිමේන්තුවට ගෙන්නලා ,වටිනා කාලය නාස්ති කරලා,අපිව උසාවියට යන්න පොලඹවලා මේ කරන කටයුත්තෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?ජනමතවිචාරණයක් තියලා හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු නැවත පත් කරනවාද ? නැද්ද ? රජය පැහැදිලි උත්තරයක් දෙන්න ඕන.

නීතිපතිවරයා කියනවා යෝජිත සංශෝධනය මගෙන් පළාත් පාලන ආයතනයක කාල සීමාව දීර්ඝ කරමින් මැතිවරණ කල් දැමීමේ ඵලයක් ඇති කල හැකි අතර ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන් වශයෙන් සිය ධූර කාලය ඉක්මවා ඇති පළාත් පාලන මන්ත්‍රීවරු හට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදි ජනවරමකින් තොරව දින නියමයක් නොමැති කාලයකට සිය ධුරය දැරිය හැකි වේ.එබැවින් ජනතාවගේ ඡන්ද බලයට මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සහ මැතිවරණ වලට සහභාගිවීම විෂයෙහි ඔවුන් සතු මූලික අයිතිවාසිකම් වලට මෙම පනත මගින් බලපෑමක් එල්ල වනු ඇත .පැහැදිලිව මෙය ව්‍යවස්ථා විරෝධියි.මූලික මිනිස් අයිතිවාසිකම් වලට විරුද්ධයි.

අපි රජයෙන් අහනව මොකක්ද කරන්න බලාපොරොත්තුව?මොකද මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා .සමහර අය අධිකරණයට ගිහිල්ලා තියෙනවා.පාර්ලිමේන්තුව නැවත ගේන්න වෙනවා,විවාද කරන්න වෙනවා,මේ සියල්ල කරලා අන්තිමේට මේක අත හරිනවාද?එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක සහ,ජනමත විචාරණයකට යනවද කියලා රජය පැහැදිලි කළ යුතුයි .අපි රජය අහන්නේ ඇයි ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න බය ?

– Media unit

Related posts

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Shiran Viraj

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj

මහලුවිය පමාකර ගන්න ඖෂධීය තෙල් සාත්තුව

Shiran Viraj