27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…

ජනතාවගේ හිසමත පැටවී ඇති බරපතල ආර්ථික අර්බුදයේ බර තවත් වැඩිවන ලෙසට ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර ලබාදීමේ වැඩ පිළිවෙළ වහාම නවතා දමන ලෙස ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ ඉහළ නිළධාරින්ට නියෝගකර සිටියේය.

ජල සම්පාදන මණ්ඩලය මාසිකව ලබාදිය යුතු ජල බිල්පත් මාසිකව නිකුත් නොකර, මාස කිහිපයක ජල බිල්පත් එකවර නිකුත් කිරීමෙන් අපහසුතාවයට පත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල  ජල පාරිභෝගිකයන් රැසක් ක‍ළ පැමිණිලි සලකා බැලූ රාජ්‍ය අමාත්‍යවරයා අදාල නියෝගය ලබාදී තිබේ.

මාසිකව ජල බිල්පත් කියවීම සදහා සුදුසුකම් සපිරූ මනු කියවන්නන් ප්‍රමාණවත් පරිදි සිටියදීත්, ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදවීම අරුමයක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, මෙම ප්‍රමාදයට හේතුව තමන්ට තවමත් නොවැටහෙන බවද කියා සිටියේය.

ජල පාරිභෝගිකයන්   මුදල් ගෙවා කිසියම් කාලයක ප්‍රමාදයක්ද ඉවසා ජල සම්බන්ධතා ලබාගන්නා බව සියලු නිලධාරින් තරයේ සිහි තබාගත යුතු බව සිහිපත් කළ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, අදින් පසු මෙවැනි සිදුවීම් සිදුනොවීමට සියලු නිළධාරින් වගබලාගත යුතු බවටද අවධාරණය කළේය.

එවන් පැමිණිලි ලද විගස විභාගකර වැරදි කරුවන්ට විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තමන් කිසිසේත් පසුබට නොවන බවත් රටක්, ජනතාවක් සහ සේවාවක් දියුණුවීමට නම්, ප්‍රමාදයකින් තොරව වැඩ කිරීමට දැන්වත් ඉගෙන ගන්නා ලෙසත් සියලු නිලයන්ට දන්වා සිටියේය.

පී.සී.හෙට්ටිආරච්චි
මාධ්‍ය ලේකම

Related posts

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

Shiran Viraj

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

Shiran Viraj

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Shiran Viraj
Translate »