mediahumanrights.lk
Local NewsNews

අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

හමුදාව විසින් නිරෝධායනයට ලක් වූ කිසිදු අයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය වීමට ඉඩ නොතබා කටයුතු කර ඇති බවත් නිරෝධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා හමුදාව ජීවිතේ මුල් වතාවට ඉගෙනගත් කාරණයක් වුවද නොහැක්කක් නොමැත කියන්න යන්න ඔප්පු කරමින් මෙම ක්‍රියාවලිය අතිශය සාර්ථක ලෙස ඉටු කිරීමට හමුදාවට හැකිවූ බවද ඔහු පැවසුවේය.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුව කටයුතු කලහොත් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය නොවී වගබලා ගැනීමට හැකියාවක් හමුදාවට ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි අභියෝග සමඟ සසඳද්දී කොරෝනා යනු මහ දෙයක් නොවන බවද පැවසූ හමුදාපතිවරායා ශ‍්‍රී ලංකාව අද වන විට සිටින්නේ කොරෝ්නා වාර්තාවී පස්වන සතිය බවක් ලෝකයේ බොහෝ රටවල් 4 වන සතිය නිමාව දී ව්‍යාප්ත වූ ක්‍රමවේදයන් දැකිය හැකි බවත් පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ස්ථානයක පවතින බව නිහතමානීව කිව යුතුව ඇතැයිද හමුදාපතිවරයා තව දුරටත් පැවසීය.

මෙම අදහස් පල කරන ලද්දේ කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ දී හමුදා නිලධාරීන් අමතමිනි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Shiran Viraj

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Shiran Viraj

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Shiran Viraj
Translate »