23.9 C
Colombo
2026-02-19
mediahumanrights.lk
NewsPolitical

අලුත් ගමක් අලුත් රටක්

“අලුත් ගමක් අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනෙහි සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රගති සමාලෝචන රැස්වීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කාන්තා , ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර සියලු දිස්ත්‍රික් ලේකම්වරු zoom තාක්ෂණය ඔස්සේ එක් විය.

මෙම ජාතික වැඩසටහන 2023 – 2025 තුන් අවුරුදු සැලැස්මකට අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මකයි. ආහාර සුරක්ෂිතාව ඇති කරමින් රටේ ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් කිරීම වත්මන් රජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධාන අරමුණයි .

එම අරමුණ ඉටු කිරීමට “අලුත් ගමක් අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා වැඩසටහන ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශ ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

දැනටමත් සියලු දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන, සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන හා වෙනත් රේඛීය අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් ඒකාබද්ධ කරමින් ග්‍රාම නිලධාරී වසම් 14022 ක් තුළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් “අලුත් ගමක් අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන මගින් ක්‍රියාත්මක වේ.

මෙම ජාතික වැඩසටහන කෘෂිකාර්මික, කර්මාන්ත , සත්ව නිෂ්පාදනය , ධීවර, සේවා සහ පුද්ගලානුබද්ධ හා සමාජ සංවර්ධනය යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානයක් යොමු කරමින් දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් සෘජු අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙම රැස්වීමේදී කියා සිටියේය.

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යා අනුප පස්කුවල් මහතා මෙහිදී කියා සිටියේ වගා කර නොමැති ඉඩම් ඵලදායි ලෙස හෝ ආර්ථික බෝග වගාවන් සඳහා යොමු කිරීමට මෙම වැඩසටහන තුළින් හැකි බවයි.

“දෑතේ ඉදිරියෙන් සවිමත් පවුලෙන් – අලුත් ගමින් සැදි අලුත් රටක්” තේමාව පෙරදැරි කර ස්වයංපෝෂිත පවුල් සංකල්පය යළිත් දිරිගැන්වීම මෙහි අරමුණ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙහිදී කියා සිටියේය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, ධම්මික මුතුගල, වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් , කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සී. ඩී කළුආරච්චි, ආර්.එම්. පී රත්නායක යන මහත්වරු මෙන්ම ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී

Related posts

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Shiran Viraj

නාමල් පක්ෂය මාරු කරයි

Shiran Viraj

මුදල් දෙන්න මගේ බලය මදි.. ජනාධිපතිගේ අනුමැතියට යොමු කලා..- මුදල් ලේකම් මැ.කො.ට දන්වයි..

Shiran Viraj
Translate »