2026-01-22
mediahumanrights.lk
NewsPolitical

ජනවාරි 10ට පෙර විසුරුවාහරී.. මැතිවරණය කැදවයි..

මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම  ජනවාර මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ  පැවති ජන හමුවකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ පළාත් පාලන ආයතන විසුරුවා දින 14 ක් ඇතුලත නාම යෝජනා කැදවන බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් මේ වන විට නාම යෝජනා සකස් කර ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

පළාත් පාලන මැතිවරණයේදි නාවලපිටිය ආසනයෙන් එක් කොට්ඨාශයක් දින ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණට තමන් කල අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරගෙන ඇති බවත්, ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් නාවලපිටිය මැතිවරණ කොට්ඨාශ තුල දිනපතා රැස්විම් පවත්වන බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

තමන් නාවලපිටිය ආසනයට විශාල සංවර්ධන කටයුතු රැසක් සිදු කර ඇති නිසා තමන් මැතිවරණවලට බිය නොවන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම ජන හමුවට මහනුවර දිස්ත්‍රික් පා.ම අනුරාධ ජයරත්න මහතාද සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Related posts

Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි

Shiran Viraj

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

Shiran Viraj
Translate »