mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ 26%කට ජීවත් වෙන්න උදව් අවශ්‍යයි.. නැතොත් භයානකයි..- රතුකුරුසය

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 57 කට හෙවත් සියයට 26කට ජීවත්වීම සඳහා උදව් අවශ්‍ය බව රතු කුරුස සංවිධානය කියා සිටියි.

එම පිරිසට අවශ්‍ය ආධාර නොලැබුණහොත් තත්වය තවත් බරපතල වනු ඇතැයි ද සංවිධානය අනතුරු සඟවයි.

ආහාර සුරක්ෂිතතාවයට මෙරට ආර්ථික අර්බුදය සෘජුව බලපා ඇති බවත් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි ද තත්ත්වය දැඩිව බලපා ඇතැයි ද ඔවුන් සඳහන් කරති.

ආර්ථික අර්බුදය මත දරුවන්ගේ පාසල් ගමන් අඩාල වී ඇති බවත් බොහෝ පුරවැසියන් ලබා ගන්නා කෑම වේල් ප්‍රමාණය සීමා කර හෝ අඩු කර ඇති බවද එම සංවිධානය කියා සිටී.

Related posts

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj

පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනා

Shiran Viraj

දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

Shiran Viraj
Translate »