mediahumanrights.lk
Local NewsNews

කුරුඳුගහහැතැක්ම තැපැල් ස්ථානාධිපතිනියගේ මරණ පරීක්ෂණයේදී හෙළිවූ රහස – Video

තැපැල් කාර්යාලයේ තිබී වස බෝතලයක් සොයාගෙන…
ඇල්පිටිය – කුරුඳුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ හටගත් ගින්නෙන් මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස්වල වස අඩංගු වූ බව අධිකරණ වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ඊයේ (29) පස්වරුවේ ඇයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය රෝහලේදී සිදුකළ අවස්ථාවේදියි.
ඒ අනුව ගිනි ඇවිලී මියයෑමට පෙර වස ශරීර ගතවී ඇති බවට පොලීසිය සැක  කරනවා.
කෙසේ වෙතත් එය සියදිවි නසාගැනීමේ උත්සාහයක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
තැපැල් කාර්යාලයේ තිබී වස බෝතලයක්ද පොලීසිය ඊයේ සොයා ගත්තා.
තවදුටත් සිදුකළ විමර්ශනවලදී තැපැල් කාර්යාලයේ එක් පසෙක කුප්පි ලාම්පුවක්ද තිබී හමුවී ඇති නමුත් එහි භූමිතෙල් නොතිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර, මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා.
ඊයේ උදෑසන හටගත් මෙම ගින්නෙන් අවුරුදු 49 ක් වයසැති මෙම තැපැල් ස්ථානාධිපතිනිය මියගියා.
(under the courtesy of hirunews news web)

Related posts

පැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමති

Shiran Viraj

කාත්තාන්කුඩිවල හදිසි ගින්නක්

Shiran Viraj

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ

Shiran Viraj
Translate »