31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරු

අද වන විට රටට හිඟා කන තත්ත්වයට වැටෙන තරමටම රටේ නායකයන් රට පාවා දී ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති.

අප රටේ නායකයන් යයි කියන අය රට පාවා දී ඇති බවත් වසර ගණනාවක් කළේ අපේ රට විදේශිකයන්ගේ වහල්භාවයට ගෙන ආ බවත් එතුමන් කියා සිටියේ මීගමුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

ජනතා ප්‍රශ්න ගැන සංවේදී නොවන දේශපාලනඥයන්ට ඡන්දය ලබා නොදෙන ලෙසද ජනතාවගගෙන් ඉල්ලා සිටි අගරදගුරුතුමන් ප්‍රශ්න විසඳිය නොහැකි දේශපාලඥයන් ගෙදර යා යුතු බව ද පැවසූහ.

නිවාස නැති පවුල් සිටියදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුඛෝපභෝගී නිවාස ඩොලර් වලට විදේශිකයන්ට විකුණමින් ඇතැයි පැවසූ රදගුරුතුමන් එම අමාත්‍යාංශය ඇත්තේ විදේශිකයන්ගේ ඕනෑඑපාකම් පිරිමහන්න දැයි ප්‍රශ්න කළේය.

මෙවන් පාලකයන්ට ඡන්දය දී නිවාස හදා දෙන්නැයි තමන් ගෙන් ඉල්ලීමක් නොකරන ලෙසද එතුමන් තවදුරත් පැවසූහ.

Related posts

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

Shiran Viraj

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj
Translate »