28.9 C
Colombo
2026-09-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් රුපියල් 430ක් දක්වා සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 25කින් රුපියල් 365 දක්වා මිල ඉහල යයි.

කෙසේ වෙතත් සංස්ථාව සුපිරි ඩීසල්, කාර්මික භූමිතේ සහ සියළුම පෙට‍්‍රල් වර්ග කිසිවක මිල ඉහළ දැමීමක් සිදු කර නැත.

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

එම සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් රුපියල් 430ක් දක්වා හා එස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක රුපියල් 15කින් රුපියල් 475ක් දක්වා ඉහළ දමා ඇත.

Related posts

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්

Shiran Viraj

අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

Shiran Viraj

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Shiran Viraj
Translate »