27.2 C
Colombo
2026-08-07
mediahumanrights.lk
NewsPolitical

ඩයනා ගමගේ රටින් පලා යයි..?

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අද රාත්‍රියේ රටින් පලා යන යන බවට තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කරුණු ඉදිරිපත් විය.

ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව පැමිණිලි පාර්ශ්වය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෝසමකදී ඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්වමින් ඉල්ලා සිටියේ ඇමැති අමාත්‍යවරියගේ විදේශ ගමන් කෙටි කලකට හෝ තහනම් කරන ලෙසවි.

ඔවුන් කියා සිටියේ ඩයනා ගමගේ මහත්මිය අද රාත්‍රිය රටින් පළා යාමට නියමිත බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවයි.

කරුණු සලකා බලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ රාජ්‍ය අමාත්‍යවරියට නොවැම්බර් 14 දක්වා තාවකාලිකව විදේශ ගමන් තහනම් කරන බවයි.

කෙසේ වෙතත් අදාළ කරුණු ප්‍රතික්ෂේප කරන ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ තමන් කිසිසේත්ම ශ්‍රී ලංකාව හැරදා යාමට සූදානමක් නැති බවයි.

කුඩා කල සිටම විදේශ රටක අධ්‍යාපනය ලැබූ තමන් එම රට හැරදා ශ්‍රී ලංකාවට පැමිණියේ රට හැරදා යාමට නොවන බවත් තමන් මිය යන්නේද මේ රට බවත් මාධ්‍ය හමුවකදී ඇය පැවසුවාය.

Related posts

ශ්‍රීලනිප සභපති ධුරය යළි කැඳවන නඩුවේ අතුරු තීන්දුවකට දින නියම කෙරේ

Shiran Viraj

අධිවේගයට සරු කාලයක්

Shiran Viraj

රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා

Shiran Viraj
Translate »