28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාස හය තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසා ඇති නිසා තමන් ඊට සහාය දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ සදහා අනුර දිසානායක මහතාට අවශ්‍ය නම් තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කිසියම් අයකුට මාස හයක් ඇතුළත හැකියාව ඇත්නම් එම පුද්ගලයාට නොබෙල් සම්මානය ලබා දිය හැකි බව ද හෙතෙම පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.

අද වන විට ලංකාව පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව බංකොලොත් රටක් ලෙස බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

එනිසා ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වූයේ එම සීමාවේ සිට බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

මහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින් අනතුරු ඇඟවීම් – නොවැම්බර් 13 සිට!

Shiran Viraj

ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්න

Shiran Viraj

කිසි දිනක හැබැයින් දැක නැති ෆේස්බුක් පෙම්වතාට පණ මෙන් ආදරය කළ වරකාපොළ ප්‍රභා ආදර කතාව පිටු 6ක් පුරා ලියා ගෙලවැල ලා ගනී

Shiran Viraj
Translate »