2026-09-25
mediahumanrights.lk
Local NewsNews

පෙම්වතිය බයකරන්න බෙල්ලේ තොණ්ඩුවක් දාගත් තරුණයා එය සිරවී මරුට…

වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ගෙල සිරවීමෙන් මිය ගොස් සිටියදී සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය.

මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පෙම්වතිය අමනාප වීම නිසා ඇය නැවත යහලු කරගැනීමට හා බිය කිරීම සඳහා අදාල තරුණය මිය යන බව පවසා ගෙලෙහි ලණුවක් ගැටගසා ගෙලවැලලාගන්නා ආකාරයට රඟ දක්වා ඇති බවට පොලීසියට අනාවරනවී ඇත.

එහිදී තරුණයාගේ ගෙලෙහි වූ ලණුවේ ගැටය එකවරම සිරවීමෙන් තරුණයා මරණාසන්න වී ඇති බවට පොලීසිය සැක පල කරන අතර ප්‍රදේශවසී ජනතාව විසින් තරුණයා රෝහලගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් මිය ගොස් ඇතැයි රේහල් වෛද්‍යවරුන් පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු වන අතර මාමඩුව පොලීසිය සහ බෝගස්වැව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..

Shiran Viraj

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..

Shiran Viraj

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)

Shiran Viraj
Translate »