25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsPolitical

ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…

අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පුවත්පත් කර්තෘ වරුන් සමග පැවති සාකච්ඡාවකදීය.

අද ශ්‍රී ලංකාවේ සිදුව ඇති ආර්ථික අර්බුදය 1969 දී පැවති කෝපි ආර්ථිකය කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් බවද හෙතෙම එහිදී සඳහන් කළේය.

ඉන්ධන අර්බුදය හදිසි තත්ත්වයක් නොවන බව පැවසූ ඔහු මාස ගණනක සිට තෙල් නැව් ගෙන ඒම කළමනාකරණයේ දුර්වලතා නිසා සිදු වූ දෙයක් බවද තව දුරටත් පැවසීය.

Related posts

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Shiran Viraj

මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

Shiran Viraj

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj
Translate »