28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..

ගාල් කර තිබු පෞද්ගලික බස් රථයක ඉන්ධන ටැංකියේ තිබු ඩිසල් ලිටර් 120 ක් සොරකම් කල සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය විසින් (14) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් සිට ඇබෝස්ලි වතුයාය  දක්වා ධාවනය වන බස් රථයේ අයිතිකරු (13) දින ඔහුගේ බස් රථයට හැටන් ඉන්ධන පිරවුම් හලෙන් ඩිසල් ලිටර් 140 ක් ලබා ගෙන (13) දින රාත්‍රියේ බස් රථය ගාල් කර තිබියදි කිසියම් පිරිසක් බස් රථයේ ඉන්ධන ටැංකියට සවි කර තිබු ඉබි යතුරු කඩා ඉන්ධන ටැංකියේ තබු ඩිසල් ලිටර් 120 ක් සොරා ගෙන ඇත බවට හැටන් පොලසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ෂණ ආරම්භ කල හැටන් පොලිසියේ නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර එම මාර්ගයේම ධාවනය කරන පෞද්ගලික බස් රථයක අයිතිකරු සහ එම සොරකමට සහයෝගය දැක්වු එම වතුයායේම තරුණයන් දෙදෙනෙකු බවයි  පොලිසිය පැවසිය.

සැකකරුවන් තිදෙනා (13) දින රාත්‍රි 10 ට පමණ ගාල් කර තබු බස් රථයේ ඉන්දන ටැංකියෙන් ඉන්දන සොරා ගෙන අත්අඩංගුවට ගත් සැකකරුගේ බස් රථයේ ඉන්දන ටැංකියකට දමා තවත් ඩිසල් ලිටර් 20 ක් ප්‍රධාන සැකකරුගේ නිවසේ සගවා තිබියදි සොයා ගත් බවයි හැටන් පොලිසිය පැවසුවේ.

අගතියට පත් බස් රථයේ අයිතිකරු කියා සිටියේ (14) දින උදැසන බස් රථය ධාවනය කිරිමට පැමිණි අවස්ථාවේ බස් රථයේ ඉන්දන ටැංකියේ ඉබි යතුරු කඩා තිබු බවත් , බස් රථය අවට ඩිසල් ඉන්දන විශාල වශයෙන් විසිරි තිබු බවයි.

ඒ අනුව බස් රථයේ ඉන්දන ටැංකිය පරික්ෂා කිරිමේදි ටැංකිය තුල ඉන්දන අඩුවක් තිබෙන බවට අනාවරණය වු  නිසා හැටන් පොලිසියට පැමිණිල්ලක් කර බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි හැටන් පොලිසිය පවසා සිටයේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…

Shiran Viraj

පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..

Shiran Viraj

පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා නෙරපන්නැයි අඛණ්ඩව බලපෑම්

Shiran Viraj
Translate »