30 C
Colombo
2026-09-30
mediahumanrights.lk
International NewsNews

චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍ය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

එය ලබන මාර්තු මාසය තෙක් කල් යනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන්ට චීනය ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම මීට ප්‍රධාන හේතුව බවද වාර්තාවේ සඳහන්ය.

චීනය මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුව සම්බන්ධයෙන් වන නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කිරීමට ඔවුන් සැලකිය යුතු කාලයක් වෙන් කරන්න නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ බව පසුගියදා කොළඹ පැවති සමුළුවකදී කියා සිටියේය.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ණය වැඩසටහනට යම් නිශ්චිත තාවයක් මතුව තිබේ.

Related posts

පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

Shiran Viraj

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ බෝපිටියෙන් අක්කර 150ක්?

Shiran Viraj

එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයි

Shiran Viraj
Translate »