2026-09-05
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

පසුගිය 23 දා මෙරටට පැමිණෙන බව පැවසූ ඉන්ධන නෞකා අද වනතුරුත් මෙරටට පැමිණ නැතැයිද පැවසූ ඔහු එම නැව හදිසි මිලදී ගැනිම් යටතේ නිසි ටෙන්ඩර පටිපාටියෙන් තොරව මිලදී ගැනීමට උත්සාහ කළ එකක් වුවද දැන් එය ඉන්දියාව දෙසට යාත්‍රා කර ඇතැයිද කියා සිටියේය.

ඒ අනුව අද වන විට මුළු රටම නතරවීමේ අබියසට පැමිණ සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගයේ යාපනයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

Related posts

සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා

Shiran Viraj

ලංගම සේවකයන්ට බෝනස් සහ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවර

Shiran Viraj

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

Shiran Viraj
Translate »