mediahumanrights.lk
Local News News

අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපනයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා යාපනයේදී පැවසීය.

අනුර කුමාර මහතා ඒ බව කියා සිටියේ යාපනයේ පෞද්ගලික හෝටලයක 25 දා සවස පැවති ජාතික ජනබලවේගයේ දිස්ත්‍රීක් සමලුවට සහභාගී වූ පිරිස් අමතමිනි.

මෙම සමළුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂ වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා, හිටපු පලාත්සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ඇතුලු යාපනය දිස්ත්‍රීක් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

එහිදී රැස්ව සිටි පිරිස් ඇමතු අජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

‘අද අපේ රටේ ඇතිවෙලා තියෙන අසීරුම අඩිය ජනතාව විඳමින් ඉන්නේ. මේක ස්වභාවික ව්‍යසනයක් නෙමෙයි. මේ නරක  පාලනය විසින් ඇති කරපු තත්වයක්. අද අපි අපේ දරුවන් ඇස් ඉදිරිපිට මිය යන අවධානමක අපි ඉන්නවා. තෙල් ආනයනය මුලුමනින්ම ඇණහිටල තියෙන්නේ. ඉන්ධන ඇමතිවරයා 23 මෙරටට එනව කියල කියපු පෙට්ට්‍රල් ඩීසල් නැව මේ වෙනකම් ඇවිල්ල නැහැ. මේ වෙනකොට ඒ තෙල් නැව ඉන්දියාව දෙසට ගිහින් තියෙනවා. ඒ නැව නිසි ටෙන්ඩර් පටිපාටියකට මිලදීගත් තෙල් නැවක් නෙවෙයි. හදීසි ගැනුම්කරුවන් හරහා මහමුහුදේ තිබූ තෙල් නැවක් හරවපු එකක්. ඒ නිසා ඒ නැව එයිද නැද්ද දන්නෙ නැහැ කව්රුත්. මේ හේතුවෙන් මුලු රටම නතර වීමේ දැඩි අවධානමක අපි ඉන්නවා.

ඇමරිකාවෙන් බැංකුවක් ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාවේ නඩුවක් දාලා තියනවා. ආණ්ඩුව කියනවා ණය ගෙවන්නැහැ කියල. නඩුව ගොනුකරල තියන අය සඳහන් කරල තියනවා රාජපක්ෂ පවුල මහජනතාවගේ ධනය විශාල ලෙසින් හොරකම් කර ඇති බවත් ඒවා බදු සහන දෙන රටවල සඟවා ඇති බවටත්, මේ නිසා මේ නඩුව ගැන සමහර ආර්ථික විශේෂඥයින් සඳහන් කරල තියෙන්නේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට එල්ල වූ පරමානු බෝම්බය හා සමානයි කියලා. ඒ නිසා මුලු රටම, ආර්ථිකයම කඩාවැටිලා තියෙන්නේ.

‘උතුරේ මේ වෙනකොට අතුරුදහන් වූවන්ට ගැටලුවක් තියනවා යුද්දේ අවසන් වෙලා අවුරුදු 13 ක් ගිහිල්ලත් විසඳුමක් නැහැ. ඒකේ වේදනාව දන්නේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් ඥාතීන්. ඒ වගේම තමයි උතුරේ ඉඩම් ගැටලුත් ඒ විදිහටමයි. කිසිම විසඳුමක් නැහැ තාමත්. තවත් පැත්තකින් ගත් විට ධීවර ගැටලුව. ඉන්දීය ධීවර බලපෑම නිසා පීඩාවන්ට පත් උතුරේ ධීවරයින්ට ඉක්මන් විසඳුමක් ලැබිය යුතුයි.

මේ රටේ ජනාධිපතිගේ සිට අගමැති මැති ඇමතිවරුන්ට සොරකම් ගැන නඩු, චෝදනා තියනවා. මේ මහජනතාවගේ මුදල් ඒ මුදල් , දේපල නැවත ඒ අයගෙන් අයකරගත යුතුයි.

විදෙස්ගතව සිටින සිංහල, දෙමළ ඩයස් ෆෝරාවන් එකතුවිය යුතුයි. එකතුකරගෙන සියලු දෙනා එක්ව ජාත්‍යන්තරයේද සහයෙන් මේ රට ගොඩගත හැකියි. මේ නිසා උතුරේ ජනතාව හැටියට ඔබ තොරාගතයතු දකුණේ දේශපාලනයක් ඇත්නම් ඒ එකම පක්ෂය ජාතික ජනබලවේගයයි. අපිට මේ රට භාරදෙනවනම් අපි මාස 6 කින් මේ රට ගොඩදාන්න ලෑස්තියි. මේ සඳහා සියලු දෙනා එක්වෙන්න කියන ඉල්ලීම අවසන් වශයෙන් කියන්න කැමතියි යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj

වාසුදේව ජාතික රෝහලට

Shiran Viraj