mediahumanrights.lk
Local News News

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම මැදපෙරසිග රටකට ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ.

රජයේ අදහස වී ඇත්තේ ගුවන් සේවය පවත්වාගෙන යාමට වැඩි වශයෙන් ඉන්ධන අවශ්‍ය කරන නිසා ඉන්ධන නිපදවන රට සමාගම ලබා දුන්නොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

දැනට සමාගම පවත්වාගෙන යන්නේ ඒ රුපියල් කෝටි 31,000 ඉක්මවූ ණය ප‍්‍රමාණයක් සහිතවයි.

මෙය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පවතින නිසා ප්‍රතිව්‍යුහගත කිරීම රජයේ අදහස වී ඇත.

එම කටයුත්ත ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයි විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සඳහන් කරයි.

Related posts

මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

Shiran Viraj

ගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයි

Shiran Viraj

ජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..

Shiran Viraj