2026-08-19
mediahumanrights.lk
Local NewsNews

රටම නවතී… රට පුරා දැවැන්ත හර්තාලයක්…

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසක පමණ ඒකාබද්දව අද දිනයේ රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇත.

මේ හේතුවෙන් රට පුරා වැඩ කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇත.

රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවාවන් ද අඩාළ වී ඇත.

රට පුරා සියළු නගරයන්හි කඩ සාපුප් වෙළෙඳ ව්‍යාපාරික ආයතන වසා දමා ඇත.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර පොලිසිය නිවේදනය කර ඇත්තේ විරෝධතා සඳහා හභාගි වන්නැයි බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Related posts

ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක

Shiran Viraj

බන්දුලගේ කීර්ති නාමයට හානි කළැයි ලේක්හවුසියට නඩු

Shiran Viraj

කඳුලැස්‌ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක්‌

Shiran Viraj
Translate »