mediahumanrights.lk
Local NewsNews

පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි..

ඉදිරි මාසයක කාලය තුළ තම සියල්ල ව්‍යාපාරය කඩා වැටීමේ අවදානමකට බක්ව දක්වා ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් තව තම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බව ඔවුන් සඳහන් කළහ.

මෙතෙක් කල් තම ව්‍යාපාර පවත්වාගෙන ආවේ ඉතුරු කරගත් මුදල් වලින් බවත් තවත් ඉදිරියට එසේ කරගෙන යාම ඉතා අසීරු තත්ත්වයකට දැන් පැමිණ තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙති.

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගහන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් නමුත් එවිට පෞද්ගලික අංශයේ සේවකයන්ට සිදුවන්නේ කුමක්දැයි සංගමයේ සභාපතිනි ටානියා අභයසුන්දර මහත්මිය ප්‍රශ්න කළාය.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගැසීමෙන් නම් තමන්ට ද මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය බැගින් ලබා දෙන්නැයිද ඇය ඉල්ලා සිටියාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අදහස් පල කරන ලදී.

Related posts

Ready, sweat: 10 top fitness trends for 2018

Shiran Viraj

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

Shiran Viraj

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා මත නඩු පැවරීමට අල්ලස් කොමිසම තීරණය කරයි

Shiran Viraj
Translate »