26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

නිල මෙහෙවර මෙවර දිස්ත්‍රික්ක 5 ක ක්‍රියාත්මක කෙරේ

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණි.
මෙවර නිල මෙහෙවර ජනපති ජනතා සේවය කුරුණෑගල,මන්නාරම,මුලතිව්,වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක 5 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ පොළොන්නරුව සහ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන් ඉතා සාර්ථකව අවසන් විය.
අදාළ දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ. ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික සඳහා වැයවන රජයේ ගාස්තු නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර ගැනීමෙට මෙහිදී පුළුවන.
මෙම අවස්ථාව සඳහා තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, අශෝක් අබේසිංහ, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්, පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු සියලු අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

ස්ටාලින් රිමාන්ඩ්…

Shiran Viraj

ලංකාවේ දෙවැනි හදවත් ශල්‍යකර්මයේදි සචිනිගේ හදවත නවතී – සැගවුනු සියල්ල ටික ටික එළියට

Shiran Viraj

ආයුර්වේද වෛද්‍යවරියගේ රන්මාල හොරු ගැන පරීක්ෂණ කරද්දී හලාවත ඕඅයිසී මරුට

Shiran Viraj
Translate »