mediahumanrights.lk
News Political

ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දකියි.

අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසුනු ඔවුන් දන්වා සිටියේ අග්‍රාමාත්‍යවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධුරයෙන් නෙරපා හරින ලෙසත්ය.

එසේ කලහොත් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත්ව අගමැති ධුරයට පත් කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කළහ.

ජනතාව යන්න කියන්නේ අග්‍රාමාත්‍යවරයාට නොව ජනාධිපතිවරයාට බවත් පළාත් පාලන නියෝජිතයන් මෙහි දී පෙන්වා දී ඇත.

මේ අතර එළඹෙන සඳුදා දිනයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය රැක ගැනීම සදහා අරලියගහ මන්දිරය ඉදිරියට එදින පෙරවරු 9 ට රැස් වන්නැයි ඔවුන් දන්වා ඇත.

Related posts

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

Shiran Viraj

රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…

Shiran Viraj

කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..

Shiran Viraj