26.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙමින් සිටි 20 කට ආසන්න මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමේ සූදානමක් පවතී.

ජනාධිපතිවරයා යොමු කරන ලද අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ නම් මෙම පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු දස දෙනෙකු ද ජනාධිපතිවරයාට අන්තර් කාලීන ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින්ද ලිපියක් මගින් එයම දන්වා තිබින. මෙම පිරිසේ එකතුව 20කට ආසන්න වෙයි.

දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සහාය දෙන පිරිස මන්ත්‍රීවරුන් උපරිමය 116ක් වන අතර ඉන් 20 දෙනෙකු ස්වාධීන වූ පසු ආණ්ඩුවට මන්ත්‍රී ආසන සීයකට අඩු මට්ටමට ඇද වැටෙන්නේ බහුතර බලයද අහිමි කරමිනි.

Related posts

ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක

Shiran Viraj

ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියන 5ක වෙළෙඳ අවස්ථාවක් – UNIDO නිත්‍ය නියෝජිත

Shiran Viraj

කෑම වේලට ලුණු මදි යැයි කියා බිරිය මැරූ පාපතර සැමියාට අත්වූ ඉරණම..

Shiran Viraj
Translate »