28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ටයර් පුළුස්සා කාපට් පාරවල් විනාශයි..

ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව නගර මධ්‍යයේදි ටයර් පුළුස්සා සිදු කරන ලද උද්ඝෝෂණය හේතුවෙන් අලුතින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද බගවන්තලාව නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ කොටසකට හානි සිදු වි ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාව පවසයි.

විශාල මුදලක් වැය කර මිට වසරකට පමණ ප්‍රථම කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද එම මාර්ගයේ ටයර් පිලිස්සිම නිසා කාපට් උණු වි එම ස්ථාන කඩතුළු වි කාපට් ගැලවි ගොස් ඇති බවයි ප්‍රාදේශිය සභාව කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත නගරයට පිවිසෙන වාහන කඩතුළු වු  එම ස්ථානය මගහැර යාමට පියවර ගෙන ඇති අතර,නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සේවකයින් විසින් ටයර් පිලිස්සිම නිසා කඩතුළු වු කාපට් මාර්ගයේ කොටස් ඉවත් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

Shiran Viraj

ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Shiran Viraj

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

Shiran Viraj
Translate »