mediahumanrights.lk
Local NewsNews

ගුවන්තොටුපළට පිවිසීමට විකල්ප මාර්ග භාවිත කරන්න

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ආරක්ෂක කටයුතු හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ අවට දැඩි රථවාහන තදබදයක් පවතියි.  මේ හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටින්නේ ගුවන් තොටුපළට පැමිණෙන මගින් හට විකල්ප මාර්ග භාවිත කිරීම හරහා ඇතිවී තිබෙන රථවාහන තදබදය අවම කර ගත හැකි බවයි.

ඒ අනුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට පිවිසිමට මිනුවන්ගොඩ සිට පැමිණෙන රථ වාහනමිනුවන්ගොඩ ජාඇල මාර්ගය භාවිතාකොට අධිවේගී මාර්ගයට පිවිසීම සදහා ජාඇල පිවිසුම භාවිත කරන ලෙස දැනුම් දෙනවා. ඊට අමතරව කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රදේශ වලට පිවිසීමට නියමිත වාහන ජාඇල මිනුවන්ගොඩ මාර්ගය භාවිත කළ හැකියි.

මිනුවන්ගොඩ දෙසින් සිදුව මිගමුව හා කටුනායක අවට ප්‍රදේශ වලට ගමන් කරන හා එම ප්‍රදේශ වලින් මිනුවන්ගොඩ යාමට ඇති රථ වාහන හැකිතාක් ගුවන්තොටුපළ ඉදිරියෙන් දිවෙන කටුනායක මිනුවන්ගොඩ මාර්ගය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මෙහිදී දැනුම් දී ඇත්තේ.

Related posts

වැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..

Shiran Viraj

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

Shiran Viraj

දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!

Shiran Viraj
Translate »