27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
News

තරුණයෙකු ගුවන්යානයේ හදිසි දොරටුවෙන් පනී

ගුවන්යානයක් ගුවන්තොටුපලේ නතර කළ පසු එහි හදිසි දොරටුව විවෘත කර බිමට පැනීමේ චෝදනාව මත ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පොලිසිය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම තරුණයා ගුවන් යානය ගොඩ බස්වා විනාඩි කිහිපයක් ගතවන්නට පෙර හදිසි දොරටුවෙන් පිටවී යානයේ තටුව මතින් ලිස්සා ගොස් බිමට පැන තිබෙනවා.
මෙම ගුවන් තොටුපලේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් මෙම තරුණයා අල්ලා පාලනයකරගෙන පොලිසියට බාරදී ඇති බවයි වාර්තාවන්නේ
කෙසේ වෙතත් 17 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණයාට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා..

Shiran Viraj

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

Shiran Viraj

වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..

Shiran Viraj
Translate »