31.7 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයා වැඩබලන ජනාධිපති වරයා ලෙස පත් වීම සිදුවන බවයි.

එවන් අවස්ථාවක දැනට සැඟවී සිටින බැසිල් රාජපක්ෂ මහතා පැමිණ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ජනාධිපති වීමේ අවදානමක් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

එනිසා සිදුකළ යුත්තේ ජනාධිපතිවරයා යම්කිසි වැඩපිළිවෙලකට සිරකර යම්කිසි කාලයක් ඉදිරියට ගමන් කිරීම බවත් ඔහු පැවසීය.

මූලික කොටම අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව ඉල්ලා අස්වී එම කටයුත්ත ආරම්භ කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj

අය වැයෙන් වැඩි වූ සහ අඩු වූ වාහන

Shiran Viraj

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…

Shiran Viraj
Translate »