26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…

සී ඩී වික්‍රමසිංහ මහතාගේ පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුවද ඊයේ දිනයෙන් අවසන් වී තිබේ.

ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැටලු රැසකට මුහුණ දී සිටී.

සීඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ දැනට මාස හයකට පෙරයි.

නමුත් ඔහුට සේවා දිගු දෙකක් හරහා මේ දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබීය.

ඊයේ දිනයේ ඔහුගේ දෙවන ධුර කාලය අවසන් වූ පසු මෙතෙක් තවත් සේවා දිගුවක් ලබා දීමක් හෝ නව පොලිස්පති වරයකු පත්කර නැත.

මෙම තත්ත්වය හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු කරගෙන යාමේදී ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙමින් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක් නව පොලිස්පති ධුරය සඳහා නමක් හෝ ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී නොමැත.

ජේෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුක් තිදෙනකු නම් පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලබා සිටිති.

Related posts

ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…

Shiran Viraj

ප්ලාස්ටික් යැයි කියු සහල්වල විද්‍යාගාර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිපල මෙන්න

Shiran Viraj

” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයි

Shiran Viraj
Translate »