29.5 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsPolitical

ආර්ථික කණ්ඩායම දෙකට බෙදිලා.. බැසිල් එක මතයක.. කබ්රාල් තව මතයක.. කබ්රාල් ධුරයෙන් ඉවතට යයි තොරතුරු…

ආර්ථික අර්බුදය පිළිබඳව නිසි තීරණයක් ගැනීමට නොහැකිව මේ වනවිට ආණ්ඩුවේ ආර්ථිකය හසුරුවන කණ්ඩායම දෙකට බෙදී ඇති බවත් බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම සහ මහ බැංකු අධිපතිවරයාගේ කණ්ඩායම අතර මත ගැටුමක් හටගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ කඹ ඇදිල්ල නිසා ආර්ථික අර්බුදය දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතින බවයි. මෙරටට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කළත් ආර්ථිකය පිළිබඳව වැදගත්ම තනතුරක් දරන මහ බැංකු අධිපතිවරයා මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මුණ නොගැසුණු බව මෙහිදී මන්ත්‍රීවරයා කීය.

“සමාජ මාධ්‍යවල කතාවක් යනවා. මේ ආණ්ඩුව මහ බැංකු අධිපතිවරයාව ඉවත් කරන්න හදනවා කියල. ඒකෙ ඇත්ත, නැත්ත මම දන්නෙ නෑ. හැබැයි, සුපුරුදු පරිදි මේ ආර්ථික අර්බුදයත් කාගේ හරි ඇඟේ ගහල අත පිහදාගන්න රාජපක්ෂල අර අඳිමින් ඉන්නවා. ඒ කොහොම වුණත් මෙදා සැරේ ජනතාව රවටන්න අමාරු වේවි.” යනුවෙන් මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය.

එසේම, මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් මෙරට අර්ථික අර්බුදය ඔඩු දිවීමට හේතුවූ කාරණා 06 ක් ආණ්ඩුවට දැනුම් දී ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී කීය.

සමගි ජන බලවේගය විසින් ඊයේ පැවැත්වූ විරෝධතාවයට සමාජයේ සියළුම පන්තීන් නියෝජනය කරමින් ජනතාව සහභාගී වූ බවත් වෙනදා පෙළපාලි සඳහා සහභාගී නොවූ ජනතාවත් දැන් මහ පාරට පැමිණ තිබෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

සුරා බදු පනත නිසා එජාප මන්ත්‍රී රැස්වීම උණුසුම්

Shiran Viraj

රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බව ඇමති අර්ජුන කියයි

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..

Shiran Viraj
Translate »