28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

සංචාරක කලාපවලට ඉන්ධන, ගෑස් අඛණ්ඩව දෙයි.. විදුලි කප්පාදුවක් නෑ..

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන් සදහා ඉන්ධන, ගෑස් ලබාදිමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසෙයි. සංචාරක කළාප වල විදුලිය කප්පාදුවෙන් නිදහස් කිරිමට ද සැලසුම් කෙරේ.

පවතින ඉන්ධන, ගෑස් හා විදුලිබල අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් කැදවා තිබු ඉහළ පෙළේ සාකච්ඡාවක දි මෙම තිරණ වලට එළඹිණ. සාකච්ඡාව කැදවා තිබුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි.  ප්‍රවාහන, විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ප්‍රධානීන් හා විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, හමුදාව, පොලීසීය, සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක අමාත්‍ය කාර්යාලයේ දියි.

දැනට සංචාරකයන් ප්‍රවාහනය කෙරෙන බස්රථ සදහා ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබාදීම සිදුවේ. දැනට එය සිදු වන්නේ සංචාරක කළාප ආශ්‍රිත ඩිපෝ මගින් පමණි. එය තවදුරටත් පුළුල් කරමින් දිවයින පුරා පිහිටි හදුනාගත් ලංගම ඩිපෝ මගින් සංචාරක බස්රථ වලට ඩීසල් ලබාදීමට ද තීරණය කෙරිණ. සංචාරක සංවර්ධන අධිකාරිය මගින් එම ඩිපෝ හදුනාගෙන ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දිමෙන් පසු අදාළ ඩිපෝ වලට අවශ්‍ය අමතර ඩීසල් තොග ලබාදිමට ඛණිජ තෙල් නිතිගත සංස්ථාව එහි දි එකගතාවය පළ කළේය. විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවල දි සංචාරක හෝටල් වල කටයුතු පවත්වාගෙන යාම සදහා ඇති ජෙනරේටර් සදහා අවශ්‍ය ඉන්ධන ද මෙම ඩිපෝ මගින් ලබාදිමට ද පියවර ගැනේ. සංචාරක බස්රථ හා ජෙනරේටර් සදහා ඉන්ධන ඩිපෝ මගින් ලබාදීම සදහා විශේෂ හදුනාගැනීමේ කාඩිපතක් සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කිරිමට ද මෙහි දි තීරණය කෙරිණ. සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන අනෙකුත් වාහන සදහා ද මෙම කාඩ්පත හදුන්වාදිමටත් ඉන්ධන ලබාදිමේ දි ඔවුන්ට ප්‍රමුඛතාවය ලබාදිමේ වැඩපිළිවෙලක් අදාළ අංශ මගින් ක්‍රියාත්මක කිරිමටත් අපේක්ෂිතයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි විදුලිබල මණ්ඩල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ඇතැම් ආර්ථික මර්මස්ථාන විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති ආකාරයට සංචාරක කළාප ද විදුලි කප්පාදුවෙන් නිදහස් කරන ලෙසයි. රටේ විදුලි බලය බෙදාහැරීමේ ක්‍රමවේදය තුළ සංචාරක කළාප වෙන් කිරිම පිළිබද ගැටළුවක් පවතින බවත් කෙසේ වෙතත් ඒ සදහා ඇති හැකියාව පිළිබද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් සමග සාකච්ඡා කර කඩිනමින් වාර්තාවක් ලබාදිමටත් විදුලිබල මණ්ඩලය මෙහි දි එකගතාවය පළ කළේය. සංචාරක කළාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරිමට හැකි උපරිම පියවර ගන්නා බව ද විදුලි බල මණ්ඩල නිළධාරිහු මෙහි දි කියා සිටියහ.

ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් ද මෙහි දි විශේෂ අවධානය යොමු වු අතර ගෑස් සමාගම් නියෝජිතයන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හෝටල් සදහා ගෑස් අලෙවි නියෝජිතයන් හරහා ගෑස් ලබාදීමේ දි ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ සදහා ද කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරිමට ඔව්හු එකගතාවය පළ කළහ. පවතින බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා මෙම සාකච්ඡාවේ දි ගත් තීරණ සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමට ද පියවර ගැනේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි අවධාරණය කළේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා සංචාරකයන් ප්‍රවාහනය කරන්නන් මෙන්ම මෙම ක්ෂේත්‍ර යේ නිරත එලෙස ලියාපදිංචි නොවු හෝටල් හා සංචාරකයන් ප්‍රවාහනය කරන පුද්ගලයන්ට ද මෙම සහනය හිමි විය යුතු බවයි. ඒ පිළිබද ව අවධානය යොමු කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා සංචාරක සංවර්ධන අධිකාරියට මෙහි දි උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඩි.සි.ආර්. අබේවික්‍රම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජිත ආර්.එම්.ඒ. මංජුල, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..

Shiran Viraj

බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..

Shiran Viraj

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Shiran Viraj