30.6 C
Colombo
2026-08-20
mediahumanrights.lk
Local NewsNewsPolitical

ගොවීන්ට වන්දි මුදල් ලබා දීම අලුත් අවුරුද්දට පෙර

නියං තත්ත්වයට මුහුණ දුන් ගොවි පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමේ කටයුතු සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ‍ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම ගොවි පවුල්වලට නියං සහනාධාර හිමිකර දීම වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 70,000ක් වෙන් කර ඇති බවයි.
ගොවි පවුල් ලක්ෂ දෙකක් සඳහා එම මුදල් ලබා දීමට නියමිත අතර එක් පවුලකට මසකට රුපියල් 10,000 බැඟින් වන සහනාධාරයක්  ලබාදීමට නියමිතව ඇත.
වීරකැටිය, මීගස්ආර නව පාලම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක් වෙමින් අමාත්‍යරවරයා මේ බව සඳහන් කළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය රජය විසින් ගොවීන් සඳහා ප්‍රමිතියෙන් තොර පොහොර ලබාදීම හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් වකුගඩු රෝගයටද ගොඳුරු වී ඇති බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

සයිටම් නිසා සිසුවකු අතුරුදන්

Shiran Viraj

නාමල් රටින් පලා යයිද…

Shiran Viraj

අහස දිහා බලා සුභ පතන්න කියා යකඩ යකා එක්කම අවසන් ගමන් ගිය බිෂාන් – Photos

Shiran Viraj
Translate »