26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..

“යල කන්නයේ සිදුවන හානිය මහ කන්නය වන විට ගෙවා අවසන් කළ යුතුයි. මින් ඉදිරියට වගා හානි අපි ප්‍රමාද කරන්නේ නැහැ.” යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අලුත්ගමගේ මහතා මේ බව අවධාරණය කළේ 2020/21 මහ කන්නයේ ස්වභාවික හේතූන්ගෙන් සහ වන අලි විනාශ කිරීමට ලක්වූ වගා සදහා වන්දි ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

අදාළ වන්දි ගෙවීමේ කටයුතු නැගෙනහිර පළාත තුළ ආරම්භ කිරීම සිදුවුණේ කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදීය.

මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්තුමන්, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු නිලධාරීන් මෙන්ම වගා හානියට පත් ගොවි ජනතාවගෙන් කොටසක් එක්ව සිටියහ.

මෙහිදී ස්වභාවික හේතූන් නිසා හානියට පත් වූ මෙන්ම වන අලි හානි කිරීම්වලට ලක් වූ වී, බඩඉරිගු ,සෝයා, අමුමිරිස්, ලොකු ලුණු ,අර්තාපල් යන භෝග වර්ග හය සඳහා රක්ෂණ වාරිකයක් අයකිරීමකින් තොරව වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබේ. වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර 5කට ද, අනෙක් බෝග වර්ග සඳහා අක්කර දෙක හමාරක් සඳහා ද වන්දි ගෙවීම් මෙහිදී සිදු කෙරෙයි.

මෙහිදී වන්දි ගෙවීමේ ක්‍රියාවලිය වන්නේ ගොවි මහතුන් විසින් වගා හානියක් සිදු වූ විට එම හානිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයක් වෙත වාර්තා කිරීමෙන් පසු ගොවි සංවිධානයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවෙන් වගා හානිය තක්සේරු කොට වන්දි ගණනය කර ගෙවීම් කිරීමයි.

මේ වන විට දිවයිනේ විශාල වශයෙන් හානි සිදුවූ ප්‍රමුඛතම දිස්ත්‍රික්ක සඳහා වන්දි ගොවීන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර, මෙම සතිය අවසන් වන විට 2020/21 මහ කන්නයේ සියලු වන්දි ගෙවීම් සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

දැනට ගණන් බලා ඇති ආකාරයට 2020/21 මහ කන්නයේදී රුපියල් කෝටි 128ක් ක ප්‍රදානයක් ගොවීන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් අතර බෙදා දී ඇත.

ඒ අනුව පූර්ණ හානි සිදුවූ විට ගොවීන්ට අක්කරයකට රු.40,000/= වන්දි මුදලකුත්, ඊට සමානුපාතිකව හානියේ ප්‍රමාණය අනුව වන්දි ගණනයකොට ගෙවිමකුත් සිදු වේ. ඊයේ (08) නිදහස් කරන වන්දි මුදල්වල රු.180,000/= වන්දි මුදල් හිමි ගොවීන්ගේ සිට හානිය සමානුපාතිකව වන්දි හිමිකම් නිරාවරණය කරනු ලැබේ.

චානුක පෙරේරා
මාධ්‍ය ලේකම්

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…

Shiran Viraj

සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..

Shiran Viraj

නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..

Shiran Viraj
Translate »