24.8 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…

ගතවූ වසර දෙකක පමණ අසීරු කාල සීමාවේ ජනතාව දුක් විඳිද්දී ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සැප වින්දේ නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනා කැප කිරීමක් කර ගෙන මෙම ගමන පැමිණ ඇතැයිද හෙතෙම පැවසීය.

පසුගිය මැතිවරණයේදී ලබාදුන් සෑම ඡන්දයකට වග කියන බවත් ඒ සදහා ගම් මට්ටමින් වැඩ කරන බවද හෙතෙම සඳහන් කළේය.

ගතවූ අවුරුදු දෙකක කාලය ඉතාම අපහසු කාල සීමාව බවත් ආණ්ඩු බලය ලබා ගත් එම කාලය ඉතාම අසීරු කාලයක් බවත් ඔහු පැවසීය.

එම අසීරු කාල සීමාවෙන් පසු ආර්ථික කඩාවැටීම් ඇති වු බවත් බලාපොරොත්තු වූ වේගයෙන් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බවත් හෙතෙම තවදුරටත් සදහන් කලේය.

නමුත් මේ සියළු දුක් කරදර අවසන් කරමින් 2022 වසරේදී නැවතත් සමාජ දේශපාලන ගමන ශක්තිමත්ව ආරම්භ කිරීමට ස්ථිර අදිටනින් කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

An entrepreneur shares 20 tips for traveling for free

Shiran Viraj

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට

Shiran Viraj

බයිසිකලේ ගිහින් ඉෂාන් පොඩි අනතුරක…

Shiran Viraj
Translate »