2026-09-07
mediahumanrights.lk
Local NewsNews

CID පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. ආචාර්ය පට්ටම් දී ඇත්තේ සභානායක කාර්යාලයෙන්..

රහස් පොලිස් නිලධාරින් විසින් පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

ඒ අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම සම්බන්ධයෙන් ඔහු විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අනුවය.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

පොලිස් නිලධාරින් පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමට මුල් කරගත් ලිපි කිහිපයක් ද ඔවුන් බාරයට ගෙන ඇත.

මේ අතර වාර්තා වන්නේ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව භා සභාලේඛන කාර්යාලයේ ප්‍රධානීන් විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන බවද දැනගන්නට ඇත.

Related posts

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Shiran Viraj

දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයි

Shiran Viraj

දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි

Shiran Viraj
Translate »