26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….

උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන් සිදුකිරීමට යාපනයේ ධීවරයින් පියවර ගෙන ඇත.

යාපනය වඩමාරච්චි සක්කොට්ටෙයි මුහුදු තීරයේදී ඊයේ (31) රාත්‍රියේ අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා තුනක් වඩමාරච්චි ධීවරයින් විසින් කොටුකරගෙන සිටින අවස්ථාවේදී ඉන්ධීය ධීවරයින් විසින් පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එක් ධීවරයෙකු තුවාල ලැබූ බවටද උතුරු ධීවරයින් පැවසූහ.

එමෙන්ම පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ ධීවරයින්ගේ රුපියල් මිලියනයකට අධීක වටිනා දැල් ආම්පන්න ඉන්දීය ධීවරයින් විසින් ඊයේ (31) විනාශකොට පලා යාමට එරෙහිව එහි ධීවරයින් විසින් වැල්වැටිතුරෙයි පේදුරුතුඩුව මාර්ගයක් අවහිර කොට ධීවර ගැටලුවලට විසඳුම් ඉල්ලා අද දින උපවාසයක් ආරම්භ කොට ඇත.

මේ අතර අච්චුවේලි පොලිස් වසමේද ධීවරයින් විසින් ඉන්දීය ධීවර ප්‍රහාරයන්ට එරෙහිව අච්චුවේලි ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් අද (01) විරෝධතාවක් සංවිධානය කොට ඇති අතරම පලාලි පොලිස් වසමේ ඇන්ටනීපුරම් ප්‍රදේශයේද මාර්ගයන් අවහිර කරමින් අද දින විරෝධතාවන් සංවිධානය කොට ඇත.

විරෝධතාවනහි නිරත යාපනයේ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටින්නේ උතුරු ධීවරයින් සහ ඉන්දීය ධීවර ගැටලුව වෙනුවෙන් ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම මත මේ වන විට උතුරුමුහුදු තීරයම දැඩි අවධානම් තත්වයක පසුවන අතරම දෙරටේ ධීවරයින් දුටු තැන ගැටුම් ඇතිකරගැනීමේ වාතාවරනයක් නිර්මාණය වී ඇති බවවටත් මේ නිසාවෙන් කඩින්ම විසඳුමක් ගෙන ඉන්දීය ධීවර ගැටලුව විසඳා දෙන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

Shiran Viraj

නීතියේ ස්වාධීනත්වය තහවුරු කරන්න රජය පියවර ගෙන තිබෙනවා

Shiran Viraj

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

Shiran Viraj
Translate »