28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට තමන්ගෙන් සම්බන්ධයක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

තමන් එයට සම්බන්ධ බවට පළ වන වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කරන බවද එකී සිද්ධිය දැඩිව හෙළා දකින බවත් ඔහු කියා සිටියි.

මේ බව සදහන් කරමින් තම සමාජ ජාල ගිණුම් ඒ මහතා විසින් පළකර ඇති සටහන මෙසේය.

සියලු දෙනාගේම විශේෂ අවධානයට

කලගෙඩිහෙන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එහි නායකයා පැමිණි මෝටර් රථයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට මා සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ ව තිබේ .එය මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස සිද්ධිය දැඩි ලෙස හෙලා දකිමි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව ඕනෑම ස්ථානයක දේශපාලන රැස්වීමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිගන්නා සහ ඊට ගරු කරන පුද්ගලයකු ලෙස මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට දැනටමත් මා කටයුතු කර ඇති බව අවධාරණය කරමි .

– ප්‍රසන්න රණතුංග

Related posts

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවට

Shiran Viraj

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

Shiran Viraj

බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්

Shiran Viraj
Translate »