24.8 C
Colombo
2026-10-08
mediahumanrights.lk
International NewsNews

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

ජූලි අගෝස්තු මාස වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් තත්ත්වයට පත්වුණු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ගෝලීය වශයෙන් කොරෝනා රැල්ල උච්ච වීමක් සිදුවී ඇති නමුත් දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර ලබන්නේ ඉතා සුළු පිරිසක් බව පෙන්නුම් කරමින් සිටී.

මීට ප්‍රධාන හේතුව වන්නේ එන්නත්කරණය සහ එමික්‍රෝන් ප්‍රභේදය විසින් ඩෙල්ටා ප්‍රභේදය යටපත් කිරීමයි.

මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදය සමග කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් යාමේ යම්කිසි හැකියාවක් ඇතැයි ඖෂධ නියාමන හා සැපයුම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතාද සඳහන් කරයි.

එවන් තත්ත්වයකදී සිවුවැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතු යැයි නොසිතන බවද පැවසූ ඔහු නමුත් එවැනි අනපේක්ෂිත තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහාද සැලසුම් ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ එප්පාවල රජයේ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය අමතමිනි.

Related posts

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..

Shiran Viraj

බන්ධනාගාර කොරෝනා සදහා සූදානම් කෙරේ..

Shiran Viraj
Translate »