2026-09-07
mediahumanrights.lk
NewsPolitical

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

ජනවාරි 11 වැනිදා පාසල් ඇරඹීමේ ආරම්භයක් වශයෙන් එක වසර සිට පහ වසර දක්වා ප‍්‍රාථමික ශ්‍රේණිවල දරුවන් කොටස් වශයෙන් පන්තිවලට ගෙන්වීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ප‍්‍රාථමික පන්තිවල සිසුන්ගෙන් එක් කොටසක් සඳුදා, බදාදා හා සිකුරාදා දිනවලත්, අනෙක් කොටස අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලත් පාසලට ගෙන්වීමට යෝජනා කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සමාජ දුරස්ථ භාවයට යටත්ව එම සිසු දරුවන්ට ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට මෙම වැඩපිළිවෙළ වඩා පහසුවක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවල විවෘත කිරීමට නොහැකි පාසල්වල සිසුන්ට තාවකාලික විසඳුමක් ලෙස හැකිතාක් නිවස ආසන්නයේම විවෘත කෙරෙන පාසල්වලින් අධ්‍යාපන ලැබීම සඳහා යොමුකිරීමට උත්සාහ දරන බවත් හෙතෙම පැවසීය.

gossiplankanews

Related posts

‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..

Shiran Viraj

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

Shiran Viraj

ඩොලරය යළිත් ඉහළ යයි

Shiran Viraj
Translate »