24.8 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

මෙරට ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයකට සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනයේ දී ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මීට හේතු වී තිබේ.

මෙරට ඉන්ධන භාවිතය අධෛර්යමත් කිරීම සඳහා මිල ඉහළ නැංවූවද එයින් සැළකිය යුතු ලෙස ඉන්ධන භාවිතය අඩු වීමක් සිදුව නැති බව බලශක්ති අමාත්‍යවරයා ද මෑතක දී කියා සිටියේය.

මෙම තත්ත්වයන් මත සලාක ක්‍රමයකට ඉන්ධන ලබාදිය යුතු බව අමාත්‍යවරුන් කිහිප දෙනකුම කැබිනට් මණ්ඩලයේ දී අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇත.

මේ වන විටත් ඉන්ධන නැවු කිහිපයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇත්තේ ඒ සදහා ගෙවීමට ඩොලර් නැති වීම හේතුවෙනි.

ඩොලර් සොයා ගන්නා තෙක් වරායේ රැදී සිටීම වෙනුවෙන්ද අදාල නැවු සදහා ප‍්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුව ඇත.

Related posts

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

Shiran Viraj

අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..

Shiran Viraj

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

Shiran Viraj
Translate »