25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

මල් වගාව සදහා රසායනික පොහොර සහ රසායනික දියර නොමැති විම නිසා නුවරඑලියේ මල් වගාව ජිවන උපාය වශයෙන් සිදු කරගෙන පැමිණි ගොවින් රැසක් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇත.

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගාව මෙන්ම ස්වයං රැකියාවක් වශයෙන් තම නිවාස වල පිහිටි ගෙවත්තේ මල් වගාව ව්‍යාපාරයක් වශයෙන් කාලයක් තිස්සේ සිදුකරගෙන පැමිණි මල් වගා ගොවින් පිරිසකුයි මෙසේ ගැටළු රැසකට මැදි වි ඇත්තේ.

මාස කිහිපයක් තිස්සේ මල් වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ මල් වාගවට යොදන රසායනික දියර වර්ග යොදා නොමැති විමෙන් මල් වල ඵලදාව මෙන්ම මලේ වැඩිමද අඩු වි ඇති බවත්,මේ දිනවල මල්වලට පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි විම හමුවේ මල්වගාවෙන් ඉවත් විමේ අවධානමක්ද පවතින බවයි නුවරඑලිය මල් වගාකරුවන් කියා සිටින්නේ.

මේ දිනවල ඇස්තුමේනියා , ටියුලිප් , ඩේසි , ජේබ්රාස් වැනි මල් වර්ග වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, පවත්නා තත්ත්වය මත නුවරඑලියේ මල් වගාකරුවන් එම වගාවෙන්  ඉවත් වුවහොත්  නුවරඑලිය සංචාරක කර්මාන්තයට බලපැමක් ඇති විය හැකි බවයි නුවරඑලිය මල් වගාකරුවන් අවධාරණය කර සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

Shiran Viraj

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj
Translate »