mediahumanrights.lk
News Political

ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනා​ධිපතිවරයා එහි සිටින නිසා ඒ අවට නිවාස නිතරම ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම සිදුවන සිදුවන බවත් එය ජනතාවට හිරිහැරයක් බවත් එහි අවට කුඩා කුඩා ව්‍යාපාර වලට පවා විශාල බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

ජනාධිපති නිල නිවාස රට පුරා පිහිටා ඇතත් ජනාධිපතිවරයා ඒවාට එක් දිනක් හෝ ගොස් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

Related posts

පිරිමින් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව ඉහළට

Shiran Viraj

මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේ

Shiran Viraj

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj