27.2 C
Colombo
2026-08-05
mediahumanrights.lk
Local NewsNews

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට කමිටු වාර්තාව ජනපතිට…

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එහි සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් වාර්තාවේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ජාතික ආරක්ෂාවේ විවිධ පැතිකඩවලට අදාළව නොයෙක් පාර්ශ්වයන් අතර ඇති වී තිබෙන කතිකාවත් සැලකිල්ලට ගනිමින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට ජනාධිපතිතුමා විසින් පත් කළ කැබිනට් අනු කමිටුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2021 ජූනි 24 දින මෙම නිලධාරී කමිටුව පත් කෙරිණ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී. කේ. මායාදුන්නේ, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් කුලතුංග, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා ජයවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය නිලධාරී කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළාය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

Shiran Viraj

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

Shiran Viraj

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

Shiran Viraj
Translate »