2026-08-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් 22 වන දා සිට රාජ්‍ය බැංකු හතේම සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි වීම් හා දීමනා ලබාදීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

වසර තුනකට වරක් රාජ්‍ය බැංකු හතේ කළමනාකාරීත්වය හා එම වෘත්තිය සමිති අතර සාමූහික ගිවිසුමක් අත්සන් කරන බවත් ඒ අනුව මේ වසරේ සිට ඉදිරි වසර තුන සඳහා පසුගිය මාර්තු මාසයේදී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් ඉටු නොවූ බව සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් සේනානායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසු හෙට දිනයේ ඒ සඳහා සාකච්ඡාවක් ලබා දී ඇති බවත් පැවසූ ඔහු එය අසාර්ථක වුවහොත් විසි 22 දා එක්දින වැඩවර්ජනයක් ද ඉන්පසු දෙදින වැඩ වශයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සැලසුම් කර ඇති බවද කියා සිටියේය.

Related posts

රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

Shiran Viraj

ජල මට්ටම ඉහළට-විදුලිය සීමා නොවෙයි

Shiran Viraj

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්

Shiran Viraj
Translate »