27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් නිරුපද්‍රිතව සොයා ගැනිමට හැකි වු බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරි සුජිත් අජන්ත මහතා පැවසිය.

එම රක්ෂිතය තුල කාලයක් තිස්සේ සිදු කරනවා යැයි පැවසෙන අනවසර මැණික් ගැරිමක් වැටලිමට නුවරඑලිය වන අඩවි කාර්යාලයේ නිලධාරින් 15 දෙනෙකු සහ හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් 06 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු (16) දින මෙහෙයුම සදහා මාර්ග දෙකක් ඔස්සේ රක්ෂිතය තුලට ඇතුල්වි ඇත.

හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ වත්ත ප්‍රදේශයෙන් (16) දින රක්ෂිතය තුලට ඇතුල් වි ඇති අතර , අනෙකුත් නිලධාරින් පිරිස බලංගොඩ බෙලිහුල්ඔය පහන්තුඩාව ප්‍රදේශයෙන් රක්ෂිතය තුලට ඇතුල් වි ඇත.

බලංගොඩ ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුල් වු පිරිස (16) දින පස්වරුවේ රක්ෂිත තුලට ඇද හැලුණු අධික වර්ෂාව සහ ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් දුරකථන සංඥා අවහිර විමෙන් එම නිලධාරින් පිරිස රක්ෂිතය තුල (16) දින රාත්‍රිය ගත කර එම නිලධාරින් පිරිස (17) දින බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ ප්‍රදේශයෙන් පිටතට පැමිණි බව හැටන් වන අඩි ආරක්ෂක සුජිත් අජන්ත මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම වැටලිමේදි කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නොහැකි වු බවත්, අතරමං වු නිලධාරින් පිරිස සොයා ගැනිම සදහා යුධ හමුදාවෙන් උපදෙස් ලැබුණු බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

Shiran Viraj

ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවා

Shiran Viraj

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..

Shiran Viraj
Translate »