26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

අද වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල ලෙස පාළු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඩීසල් ලීටරයකින් රුපියල් 43ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28ක්, භූමිතෙල් ලීටරයකින් රුපියල් 60ක් සංස්ථාව දැනට පාඩු ලබමින් සිටින බවයි.

මෙම තත්වය යටතේ තෙල් සංස්ථාවේ පාලනය බහුජාතික සමාගමක් අතට පත් වුවොත් ඩීසල් ලීටරයක් රුපියල් 250ක් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 275 දක්වා ඉහළ යන බවද ඒ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දමා හෝ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කර ගෙන යා යුතු බවද ඔහු පැවසීය.

බන්දුල සමන් කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපතිවරයාය.

Related posts

රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Shiran Viraj

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

Shiran Viraj
Translate »