29.5 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

අතීත මානවයින් ගැන දුෂ්කර ගමකින් සාක්ෂි හමුවෙයි (PHOTOS)

ජීවත් වූ මානවයාගේ බවට අනුමාන කෙරෙන වැදගත් සාක්ෂි රැසක් හමුව තිබෙනවා.
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයභාර කථිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛිත්ති හිමියන් කියා සිටියේ වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොන්ග්‍රාම් කුලම් ගම්මානයෙන් මෙම සාක්ෂි මතු වූ බවයි.
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කැනීම් අංශයේ හිමිවරන් පිරිසක් විසින් මෙම විශේෂ කැනීම් කටයුතු සිදු කරමින් පවතිනවා.
කැණීම් සිදු කරමින් සිටියදී පැරණි සෙල්ලිපි 07 ක්, චෛත්‍ය, ප්‍රතිමාඝර, බෝධි මණ්ඩප මෙන්ම බුදුපිළිම වහන්සේලාගේ නටබුන් රැසක් දැක ගැනීමට හැකිව තිබෙනවා.
එහි එක් සෙල්ලිපියක සඳහන් වන්නේ “බත ගිරි තිසහ ලෙනේ” යනුවෙන් බවත් එයින් සඳහන් වන්නේ “ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන” ලෙස බවත් කැනීම් සිදුකළ හිමිවරුන් පෙන්වා දෙනවා.
වසර දහස් ගණනක් පුරාවට මේ වන තුරුත් කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ස්ථානය උතුරු පලාතේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාසයක වැදගත් තොරතුරු රැසක් පිළිබඳව සාක්ෂි සොයාගත් විශේෂම කැනීම් කටයුත්තක් බවයි පූජ්‍ය ගල්වැවේ විමලකඛිත්ති හිමියන් කියා සිටියේ.
එමෙන්ම මෙම කැනීම්වලින් වසර 12,000 කට එහා සිටි බවට සැකකෙරෙන මානව අස්ථි දෙකක්, පැරැණි මානවයා භාවිත කළ බවට විශ්වාස කෙරෙන සත්ව අස්ථි ආයුධ, ගල් ආයුධ, යකඩ බාවිත යුගයට පෙර බාවිතා කළ කහඳ වැනි දේ සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නියම කාල නිර්නයක් ලබා ගෙන දෙසැම්බර් මස වන විට අවසන් වාර්ථාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි ගල්වැවේ විමලඛිත්ති හිමියන් වැඩි දුරටත් කියා සිටියේ.
(කැණීම් තුළින් හඳුනාගත් දේ පහතින් දැක්වෙයි)
ප්‍රාග් ඓතිහාසික මානවයින් ලෙනේ ඇඳ ඇති සත්ත්ව රූපයක්
එදා බාවිත කල අඟුරු විශේෂයක්
වසර දහස් ගණනක් පැරණි සත්ව අස්ථි කොටස්
විනාශ වු කිරි ගරුඩ බුදුපිළිමය කොටස්
සෙල්ලිපි

(under the courtesy of adaderana news web)

Related posts

මවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…

Shiran Viraj

ෂෙඩ් හිමියන් තද තීන්දුවක..

Shiran Viraj

පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා ස්ථාන පහක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනී

Shiran Viraj
Translate »