28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNewsPolitical

අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය දීර්ඝ කාලීන විසඳුම් සොයන බවත් කෙටිකාලීන විදේශ ණය ලබාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසන්නට සිදු වුයේ කොමිස් වලට ඉන්ධන ලබා ගත් නිසා බවට විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ යැයිද කී අමාත්‍යවරයා අඩු මිලට ඉන්ධන ලබා දෙන සැපයුම්කරුවෙකු සිටින්නේ නම් ඉදිරිපත් කරන්නැයි ආරාධනා කරන බවද කීය.

එවැන්නෙකු ඉදිරිපත් කරන්නේ නම් ඔහුගෙන් ඉන්ධන ලබා ගැනීමට සූදානම් බවත් එසේ නැතිනම් විපක්ෂ නායකවරයා බොරු කීම ගැන ජාතියෙන් සමාව යුතු ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කරන ලදී.

අද වන විට ගෑස් ඇතුළු යම් යම් ආනයන භාණ්ඩවල හිගයක් ඇතිව තිබෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන් යැයිද කී අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම අඩුවීම මත ආනයන සීමා කරන්නට වී ඇතැයිද පැවසීය.

Related posts

ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය මරා හිරේ ගිය පිස්ටෝරියස්ට අධිකරණයෙන් නැවතත් දැඩි තීන්දුවක් – Photos

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

Shiran Viraj

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj
Translate »